Foreign

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 40 පන්නයි

ලෝකයේ රටවල් පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4,014,265 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

එම වාර්තාවන්ට අනුව දැනට ලොව පුරා පුද්ගලයින් 2,352,470 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ. පුද්ගලයින් 276,236 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත. පුද්ගලයින් 1,385,559 දෙනෙකු සුවය ලබා ඇත.

ඊයේ (08) දිනය තුළ දී පමණක් ලොව පුරා කොරෝනා ආසාදිත පුද්ගලයින් 97,128 දෙනෙකු වාර්තා වී ඇති අතර රෝගීන් 5550ක් ජිවිතක්ෂයට පත් වී ඇත.

දැනට වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 78,615ක් වේ. ඊයේ දිනයේ දී පමණක් ඇ.එ.ජ රෝගීන් 1687 දෙනෙකු මරණයට පත් වී ඇත.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ රුසියාවෙන් සහ බ්‍රසීලයෙන් 10,000කට අධික රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඒ අනුව, බ්‍රසීලයෙන් නව ආසාදිතයින් 10,199ක් ද, රුසියාවෙන් නව ආසාදිතයින් 10,699 ක් ද වාර්තා වී ඇත.

ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 30,000 ඉක්මවා ඇති අතර එම සීමාව ඉක්මවා ගිය පළමු යුරෝපානු කලාපීය පළමු රට ලෙස ඉතාලිය වාර්තා වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top