Latest

සුවය ලැබූ ගණන 255 දක්වා ඉහළට

අද (09) උදෑසන 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඔවුන් 15 දෙනාගෙන් එක් අයෙකු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ද, හය දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ද, පස් දෙනෙකු ඉරණවිල රෝහලේ ද, තිදෙනෙකු හෝමාගම මූලික රෝහලේ ද ප්‍රතිකාර ලැබූ රෝගීන් වේ.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරසය ආසාදිතවූවන් ගණන 835ක් වේ. එම වාර්තා වූ ආසාදිතයින් අතරින් 571 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගනියි. පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇත. තවත් පුද්ගලයින් 135 දෙනෙකු සැක පිට රොහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top