කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි යළි දැනුම් දෙන තුරු පනවා තිබූ ඇඳිරි නීතිය නැවත දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
එම නිව්දනයේ දැක්වෙන පරිදි කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.
කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වයයථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 සඳුදා ඇරඹේ.
එමෙන්ම, කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.
Please follow and like us:
