2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක‍්‍රලේඛය මේ මස අවසන් සතියේ ප‍්‍රසිද්ධ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයයේ ලේකම් එන්. එච්. එම්. චිත‍්‍රානන්ද පවසයි. මේ දිනවල දී එම චක‍්‍රලේඛය සැකසීමේ කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ මීට පෙර චක‍්‍රලේඛයේ තිබූ ඇතැම් කරුණු සංශෝධනය කෙරෙන බව ද පදිංචිය සනාථ කිරීම සම්බන්ධයෙන් වන ඇතැම් කරුණුද ඊට ඇතුළත් වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී අද සිට යළි ආරම්භ වන බව ද එහෙත් නිලධාරීන් අඩු සංඛ්‍යාවක් පමණක් රාජකාරීයට කැදවන බව ද ලේකම්වරයා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන මුලූ කාර්ය මණ්ඩලය 1,000 කට අධික වන අතර ඒ අතරින් 200 කට ආසන්න පිරිසක් පමණක් දිනකට රාජකාරියට කැදවීමට සැලසුම්කර තිබේ. එලෙස රාජකාරියට කැඳවන නිලධාරීන් තෝරා ගෙන ඇත්තේ සේවා අවශ්‍යතා සහ ආසන්න පදිංචිය වැනි කරුණු සලකා බලමින් ය. ඉකුත් දින කිහිපයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විෂබීජහරණයට ද ලක් කරන ලදී.
