පාසැල් නැවත ආරම්භ කළ හැකි දිනය පිළිබඳව ඉදිරි සතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණය කළ හැකි වනු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි. එසේම, පාසල් නැවත ආරම්භ කිරීම සිදු වන්නේ අදියර හතරක් යටතේ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
රට සාමාන්‍යකරණය වීමේ අවසාන අංගය ලෙස දරුවන් පාසැල් වෙත රැගෙන ඒම සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබඳව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) රැස්වූ කොවිඞ්-19 මර්ධනය සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ රැස්වීමේ දී පාසැල් නැවත විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. එහිදී, පාසල් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දරු දැරියන් තවදුරටත් දැනුවත් කළ යුතු බව ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත.
මීට අමතරව, ඉදිරි දිනක දී පාසල් විවෘත කළ ද පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, පාසැල් වීවෘත වුව ද පාසැල් ආපනශාලා වසා තැබිය යුතු බවත් සියලූ දරු දැරියන් ආහාර නිවසින් රැගෙන ඒම සුදුසු වන බව එම උපදෙස් මාලාවේ දැක්වේ. අඟ හිඟකම් ඇති දරු දැරියන් සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෙන් ආහාර සපයා දීමට කටයුතු කළ යුතු බව ද දිවා ආහාර වැඩසටහන කි‍්‍රයාත්මක කෙරුණු පාසල්වල දරු දැරියන්ට නැවත එය ආරම්භ කරන තුරු වියළි ආහාර ලබාදිය හැක බවද එහි සඳහන් වේ.
ආහාර හෝ පාන වර්ග හුවමාරු කර ගැනීමට දරු දැරියන්ට අවස්ථාව ලබා නොදිය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුන් උපදෙස්වල දැක්වේ. ජල කරාමයෙන් කෙලින්ම ජලය පානය කිරීමෙන් මුඛය ජල කරාමයේ ස්පර්ශ වන බැවින් ජල බෝතලයක් නිවසින් රැගෙන ඒමටද දරු දැරියන් උනන්දු කළ යුතු බව දන්වා ඇත.
