Latest

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 26 ම නාවික හමුදා සෙබළුන්…සමස්තය 915 දක්වා වැඩි වෙයි

ඊයේ (13) දිනයේ දී රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 22 ක් වාර්තා වීමත් සමඟ ඊයේ දිනයේ දී වාර්තා වූ රෝගීන් ගණන 26ක් දක්වා වැඩි විය.

එසේම, ඊයේ (13) දිනය තුළ දී වාර්තා වූ සියලුම රෝගීන් වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. දැනට මෙරටින් හඳුනාගත් රෝගීන් අතරින් 498 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා වැඩි වී තිබේ. සුවය ලැබූ ගණන 382ක් වේ. වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටින පුද්ගලයින් ගණන 524ක් වේ.

ජීවිතක්ෂයට පත් වූ ගණන 9ක් වේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top