අද (14) දින වසංගත රෝග විද්‍යා අංශය විසින් පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව තවත් කොරෝනා ආසාදිත රෝගීන් 63 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා කරයි. ඒ අනුව, එය එක් දිනයකදී වාර්තා වූ වැඩිම සුව වීම් ගණන වේ.
දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 915ක් වන අතර සක්‍රීය ආසාදිතයින් ගණන 461ක් වේ. සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 445ක් වේ. ඒ අනුව, වාර්තා වූ රෝගීන්ගෙන් අඩක් පමණ මේ වන විට සුවය ලබා ඇත.
වාර්තා වී ඇති රෝගීන්ගෙන් 480 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඊයේ (13) දිනයේ දී වාර්තා වූ රෝගීන් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරට අයත් වූවන් වේ. අද පෙරවරු 10 වන විට රෝහල්ගත කර ඇති සැක සහිත පුද්ගලයින් ගණන 108ක් වේ.
වාර්තා වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
Please follow and like us:
