Latest

සුවය ලැබූ ගණන 477 දක්වා ඉහළට

අද (15) පෙරවරු 10.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 32ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 477 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925ක් වේ. ඒ අනුව, දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 51% කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වන අතර ඉන් රෝගීන් 109 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ද, රෝගීන් 32ක් වැලිකන්ද මුලික රෝහලේ ද, රෝගීන් 78 ක් මුල්ලේරියාව රෝහලේ ද, රෝගීන් 06 ක් ඉරණවිල රෝහලේ ද, එක් අයෙකු කාත්තන්කුඩි මූලික රෝහලේ ද, රෝගීන් 182ක් නාවික රෝහලේ ද, රෝගීන් 29 හෝමාගම මුලික රෝහලේ ද රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. තවත් දෙදෙනෙකු රෝහල් ගත කරමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

දැනට සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයින් ගණන 112ක් වේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top