මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගලයින්ගේ ගණන 47 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව මේ වන විට කොරෝනා ආසාදිත වූ සමස්ත ගණන 4,750,124 ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 313,797ක් වේ.
ලොව පුරා රටවල් අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයත් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වේ. මේ වන විට, ඇමරිකාවේ පුද්ගලයින් 1,509,341ක් වාර්තා වන අතර ආසාදිත වූවන්ගෙන් 90,134 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඇමරිකාවට පසුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ රුසියාවෙන් වේ. රුසියාවෙන් කොරෝනා ආසාදිතයින් 281,251 ක් වේ. අනෙක් රටවල් වලට සාපේක්ෂව රුසියාවේ වෛරසය ආසාදිතයින් වාර්තා වීමේ සීඝ්‍රතාවය වේගවත් වුව ද ඊට සාපේක්ෂව මරණ වාර්තා වී ඇත්තේ අඩුවෙන් ය. දැනට රුසියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 2631ක් වේ.
රුසියාවට පසුව පිළිවෙළින් ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍ය,බ්‍රසීලය හා ඉතාලිය යන රටවල්වලින් ආසාදිත වූවන් 200,000 ඉක්මවා වාර්තා වී තිබේ. එමෙන්ම, ප්‍රංශය,ජර්මනිය, තුර්කිය හා ඉරානය යන රටවල්වලින් ආසාදිතයින් 100,000 ඉක්මවා වාර්තා වී තිබේ.
අසල්වැසි ඉන්දියාව මේ වන විට වැඩිම කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් සහිත රටවල් ලැයිස්තුවේ 11 වැනි තැනට පත් වී තිබෙන්නේ 91,449ක් ආසාදිත ප්‍රමාණයක් හඳුනා ගැනීමෙන් වන අතර එය චීනයේ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය ද ඉක්මවා යාමක් වේ. දැනට කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 6988 දෙනෙකු මිය ගොස් ඇත.
izmir escort