Latest

සුවය ලද ගණන 559 දක්වා ඉහළට

අද (18) පෙරවරු 10.00 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ රෝගීන්ගෙන් 559 දෙනෙකු සුවය ලබා ඇත.

ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව, වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 981 ක් වේ.

දැනට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 413ක් වන අතර ඔවුන්ගෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 99 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 34 ක් ද, මුල්ලේරියාව රෝහලේ 56ක් ද, ඉරණවිල රෝහලේ 05 ක් ද, කාතාන්කුඩි රෝහලේ 01 ක් ද, නාවික රෝහලේ 202 ක් ද, හෝමාගම රෝහලේ 16 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 149ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

එම වාර්තාවට අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 48 දෙනෙකු විදෙස්ගතව සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණි අය ද, 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 540 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් ද, 12 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

මැයි 18 පෙරවරු 10.00 වන විට මරණ අනුපාතය 0.92%ක් හා සුව වීම් අනුපාතිකය 56.9% ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top