Editor's Pick

අගමැති නියමයෙන් නැවැත්වූ හෝමාගම ක්‍රිකට් පිටියේ අරමුදල් පාසැල් ක්‍රිකට් සංවර්ධනයට

හෝමගම ඩයගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිතව තිබූ ශ්‍රී ලංකාවේ විශාලතම නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට අද (21) තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන්, හිටපු ක්‍රීඩකයින් සහ හිටපු පරිපාලකයින් සමග අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව අගමැති මාධ්‍ය ඒකකය පවසනවා.

එම අරමුදල් යොදවා පාසල් ක්‍රිකට් හා ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බව අගමැති කාර්යාලය කියා සිටිනවා.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී හූ මෙම අවස්ථාවට සහභාගී විය.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top