Foreign

පාකිස්ථානු ගුවන් යානයක් කරච්චිහි ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටේ

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) PK 8303 දරණ ගුවන් යානය ලාහෝර් සිට කරච්චි බලා යමින් සිටියදී අද (22) ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බව පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

ගොඩබෑමට සූදානම් වී ඇති ගුවන් යානය ගුවන් තොටුපල අසලම පිහිටි ජින්නා ක්‍රීඩාංගණය ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයක දී යානය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

ගුවන් යානයේ මගීන් 91ක් සහ කාර්යමණ්ඩලය 8 දෙනෙක් සිට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත් යානයේ සිටි අයගෙන් මියගිය ගණන හෝ තුවාල ලැබූ ගණන පිළිබඳව තවමත් වාර්තා වී නැති අතර නිවාස සහිත ප්‍රදේශයේ 25 දෙනෙකුට තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.

එම ස්ථානයේ පිහිටි නිවාසවලට ද හානි සිදුවී ඇති බවත් එම ස්ථානයට හදිසි සේවා ළඟා වී ඇති බවත් ඔවුන් මුදාගැනීමේ කටයුුතුවල නිරත බවත් අනතුර සිදු වූ ස්ථානයේ දැඩි දුමාරයක් පවතින බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top