අද (23) දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 40 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ රෝගීන්ගෙන් 660ක් සුවය ලබා ඇත.
සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරන පරිදි මෙරට කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ප්‍රතිශතය 61.8%ක් ද මරණ අනුපාතිකය 0.84% ක් ද වේ.
ඊයේ (22) දිනයේ දී වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 13ක් වන අතර ඉන් 11 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් වේ. අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකු කුවේට්හි සිට ද අනෙක් පුද්ගලයා මැලේසියාවේ සිට ද පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
පසුගිය අප්‍රේල් මස 22 වන දින සිට වාර්තා වූ රෝගින්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වේ. දැනට වාර්තා වූ රෝගීන් 1068 දෙනාගෙන් 607 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වේ. ඉන් 283 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 399 ක් වන අතර තවත් 101 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටියි.
මෙරට වාර්තා වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
