Health

පාසල් විවෘත කරන්නේ කවදාද? දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු එය තීරණය කරන බව අධ්‍යාපනය ඇමති කියයි

පාසල්වලට ළමුන් ගෙන්වා ගනු ලබන්නේ ළමුන්ගේ ආරක්ෂාව සියයට සියයක් සහතික කිරීමට හැකියාව ලැබීමෙන් පසු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේ පාසල් විවෘත කිරීමේ තීරණය ගැනීමට පෙර සපුරාගත යුතු අවශ්‍යතා කරුණු 3ක් යටතේ සපුරාගත යුතු බවයි. එහිදී,

  1. ශරීර උෂ්ණත්වය මනින උපකරණ
  2. අත්සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම
  3. සෑම පාසලකටම ගිලන් ඇඳක් සැපයීම

යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය. එබැවින් පාසල් විවෘත කිරීමේ තීරණය ගැනීමට පෙර එම අවශ්‍යතා සපුරලීමේ වගකීම ඇති බවද ඔහු කියා සිටියා.

ඉන්පසු පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මැයි 26 වැනිදා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ සහ අනුමැතිය යටතේ සියලු කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියා. escort

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top