මිනුන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්, පොකුර 71 දක්වා ඉහළට

කොවිඩ්-19 නව කොරෝනා වෛරසය ආසාදිතව දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කාන්තාවගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන පීසීආර් පරීක්ෂණයට ලක් කළ පිරිසකගේ ප්‍රතිඵල අද (05) ලැබී තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 69 දෙනෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී අති බව තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.

ඒ අනුව, දිවුලපිටියේ කාන්තාව, ඇයගේ 16 හැවිරිදි දියණිය ද ඇතුළුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව හඳුනාගත් ආසාදිතයින් ගණන 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, තවත් විශාල පිරිසකගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *