දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදුවූ නායයෑමක් හේතුවෙන් පස්කන්දකට යටවීමෙන් සිර වී සිටි පුද්ගලයින් තිදෙනෙකු මුදා ගැනීමට යුද හමුදා නිලධාරීන් කටයුතු කර ඇත.
පස්කන්දට සිරවී සිටි එක් අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබේ.
මේ අතර රුවන්වැල්ල මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරකට පවුල් 4කට අයත් පුද්ගලයින් 13ක් පමණ කොටු වී සිටි අතර එම පිරිස යුද හමුදාව විසින් අද (14) උදෑසන මුදා ගැනීමට කටයුතු කර තිබුණි.
මේ අතර ගාල්ල, උඩුගම, අළුත්වත්ත ප්‍රදේශයේ ගිං ගඟේ දිය නාමින් සිටි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ ජලමට්ටම ඉහළ යාමත් සමග මෙම පුද්ගලයා ගඟේ ඇති වූ ප්‍රබල දිය වැලකට හසු වී ගසාගෙන ගොස් ඇති බවයි.
