“මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු” – වසන්ත සමරසිංහ
මේ දිනවල ඉරාජ් වීරරත්න සම්බන්ධයෙන් බොහෝ ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරගොස් තිබුණා. ඒ අතර ඔහු මෙරට ප්‍රභූ පවුලක ප්‍රහාරයකට ලක් වූ බවක් ද කියැවී තිබුණා. මේ අතර දින කිහිපයකට පෙර සිට ඉරාජ්ගේ නිල ෆේස්බුක් පිටුව ඇතුළු පිටු සියල්ල ෆේස්බුක් හී පෙනෙන්නට නැති වීමත් සමග බොහෝ දෙනෙකු සැක පළ කළේ මෙයත් ඔහුගේ ප්‍රචාරක කටයුත්තක් විය හැකි බවටයි.
නමුත්, ඒෂියන් මිරර් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබුණේ ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම්, ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා උපුටා දක්වමින් මෙම පුවත තහවුරු කිරීමට ද එම වෙබ් අඩවිය කටයුතු කර තිබුණා.
එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ “රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව” සමරසිංහ මහතා හෙළිදරව් කර ඇති බවයි.
ඒ අනුව, එම දැන්වීමට ප්‍රතිචාර වශයෙන් තමන් වෙත 3000කට අධික පිරිසකගෙන් දුරකථන ඇමතුම් හා වට්ස්ඇප් පණිවුඩ ලැබුණු බව ඔහු සඳහන් කර තිබෙනවා.
“මිනිසුන් අසරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බව”ට සමරසිංහ මහතා චෝදනා කර තිබෙන අතර ඉරාජ්ට එරෙහිව ෆේස්බුක් ආයතනයට පැමිණිලි කර ඇති බව ද සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ නරුමයින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අත්හිටුවා තිබෙන බවත් පෙන්වා දෙන සමරසිංහ මහතා පවසා ඇත්තේ තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර ඇති බවයි.
